Sewing Book මැහුම් පොත

Flaird Skirt ඉනට රැලි සහිත ඉනට ඉලාස්ටික් දමන සාය

Posted on: September 25, 2008

ඉන 27 උස 32 + ½ (මැ.වා.) + ½ (වාටිය) = 33
ඉන / 3 + 3 = 27/3 + 3 =12
උස + ( ඉන / 3 ) = 33 + (27/3 + 3) = 45

ඉහත ආකාරයට නැවු රෙද්දේ නැම්ම ඉහළ සිට පහළට ඉනවට 3න් බෙදු මිම්මට අගල් 3ක් එකතු කල මිම්ම ලකුණු කර සායේ ඉන ඇද ගන්න. ඉනවට 3න් බෙදා අගල් 3ක් එකතු මිම්මට සායේ උස එකතු එම මිම්ම නැමිම ඉහළ සිට පහළට ලකුණු කර සායේ වාටිය අද ගන්න.

මසිය හැකි සායේ උස දැන ගැනිම.

අගල් 45 න්, ඉන 3න් බෙදා අගල් 3ක් මිම්ම අඩු කරගන්න. 45 පළල රෙදි යාර 2 ½ න් මසා ගත හැකි උස එවිට දැන ගත හැක. 60න් පළලන් ගන්නේ නම් සාය උසට ඉන 3න් බෙදා අගල් 3ක් එකතු කල මිම්ම එකතු කර එමෙන් දෙගුණයක් රෙදි ගන්න. (යාර 3‍ හෝ 3¼ පමණ) සායේ උසට ඉන 3න් බෙදා 3ක් එකතු කල මිම්ම එකතු කර ගන්න. එම පමාණය පළල එමෙන් දෙගුණයක් දිග රෙදි කොටසකින් සාය මසා ගත හැක.

ඉනට රැලි සහිත සාය මසා ගන්න ආකාරය.

කැපු සායේ වෙන් වු පැත්ත මසා ගන්න. ඉන මිම්මට වඩා අගල් 4ක් අඩුවෙන් ඉලාස්ටික් පටිය කපා ගන්න. ඉනේ මිම්මට අඩු නම් ඉනේ මිම්ම හෝ ඉනට වඩා අගලක් 2ක් අඩුවෙන් හෝ ඉලාස්ටික් කැල්ල ගන්න. ඉලාස්ටික් පටියේ පළල මෙන් දෙගුණයකට අගල් 1 ¼ ක් එකතු කල මිම්ම පළල ලෙසත්

කැපු සායේ ඉනට වඩා වැඩි දිගක් ඇති රෙදි පටියක් කපා ගන්න.

ඉලාස්ටික් පටියේ පළල අගල් ;

1 ¼නම් 1 1/4 x 2 = 3 ¾

කැපු රෙදි පටිය හොද පිට උඩ‍ට සිටින ලෙස 2ට නවා මැද ඇල්පෙනෙති ගසා ගන්න. රෙදි පටියේ කොන් 2න් අගල් 3 බැගින් ඉතිරි කර ඉතිරි පමාණය සායේ ඉනට අල්ලා ගන්න. සායේ ඉනට වඩා වැඩි කොටස කපා පටියේ කෙන් 2 මුට්ටු කර ගන්න.රෙදි පටිය අගල් 6 මැසුවේ නැති නම් සායේද එම අගල් 6 ඉතිරි විය යුතුයි. සායේ ඉන කොට 4කට බෙදා ගන්න. ඉලස්ටික් ප‍ටිය කටුවක අධාරයෙන් පටිය තුලට රංගවා ඉලස්ටික් ප‍ටියේ කෙන් 2 මුට්ටු කරගන්න. පටිය ඇතුලතින් සකස් කර සායත් පටියත් අතර නොමැසු කොටස මසා ගන්න. ඉලස්ටික් ප‍ටිය ඇද ඉන බෙදු කොටස් 4 කෙලින් මැහුම් පාරවල් 4ක් ගසා ගන්න. ටිකෙන් ටික අත් 2න්ම ඇද මසා ගන්න. ඉලස්ටික් ප‍‍ටිය රංගවු පසු පටියත් රෙද්දත් අතර ඉඩ නොතැබිය යතුයි. 

 

3 Responses to "Flaird Skirt ඉනට රැලි සහිත ඉනට ඉලාස්ටික් දමන සාය"

මේක ඇත්තටම හොද බ්ලොග් එකක් අපිට (පිරිමි අයට) නැතත් කාන්තාවන්ට වටිනවා.🙂

මෙකේ දෙවෙනි පොස්ට් එක මම 20 දා රුහුණු විශ්ව විද්‍යාලයේ Software Freedom Day 2008 හිදි ෆයර්ෆොක් ගැන කතා කරන ගමන් සිංහල බ්ලොග් සිරස්තල පෙන්වද්දි මුලින්ම දැක්කේ.

එතන හිටි අයත් ආසාවෙන් කියෙව්ව බව පිටුපස සිටි අය මෙහි කොටස් කියවනු ඇසිමෙන් තෙරුනා.🙂

>Thank you for your comment on my blog. Is it a favorite among girls in your university.

As my comment is relevant to your blog post, pls continue the comment here only. The other people also join to the conversation.

Btw, I am not an undergraduate.🙂
And I am not belongs to Uni of Ruhuna.

You will get more fans if you can provide good content.🙂

Keep it your good work!
All the best!

PS: I did not published your comment as it not relevant to my post.

ඇත්තටම මේක නියමයි, මහන්න පටන් ගන්න ඕන කියල හිතුන
සුබ පැතුම් දිගටම කරගෙන යන්න

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: